රන්බීර් කපූර් දීර්ඝ කාලයක් තිස්සේ සඟවාගෙන සිටි රහසක් අනාවරණය කරමින් ආලියා බට් තමන්ගේ පෙම්වතිය බව කියා තිබෙනවා. කොරෝනා වසංගතය නොතිබුණේ නම් මේ වසරේ දී ඇය විවාහ කරගන්නා බව ද ඔහු කීවේය. මේ දෙදෙනාගේ සම්බන්ධතාවයට දැන් වසරකට වඩා ගත වී ඇත.
මේ යුවළ ඉක්මනින්ම විවාහ වනු ඇතැයි ක්ෂේත්රය පුරා කතාබහට ලක් වී තිබෙනවා. මේ දෙදෙනා කාලයක් තිස්සේ නිවසක් සොයමින් සිටින බව ද මේ අතර කතා බහට ලක් වී ඇත. සිනමා ජනමාධ්‍යවේදියකු වන රජීව් මසාන්ද් වෙත සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඔහු තම පෞද්ගලික ජීවිතය සහ විවාහය ගැන තොරතුරු අනාවරණය කළේය.