සිරිපා කරුණාව පරිස්සමෙන්

    0
    15

    උඳුවප් පොහෝ දිනය අදට (29) යෙදේ. ශ්‍රී පාද වන්දනා සමය ඇරැඹෙන්නේ ද උඳුවප් පෝ දිනයෙනි. ගෞතම බුදුන් වහන්සේගේ වම් සිරිපා සලකුණ සමන්තකූට පර්වතය, එසේත් නැතිනම් සමන්ගිර මුදුනේ පිහිටුවා ඇති වග බෞද්ධ ජනතාවගේ පිළිගැනීමය. දෙමළ ජාතිකයන්ට අනුව එය ශිව දෙවියන් හා බැඳුණකි. එපමණක් නොවේ ආදම්ගේ පාදය වශයෙන්ද ඊට අරුත් දී තිබේ. එහෙයින් ශ්‍රී පාදය විවිධ ජාතීන් හා විවිධ ආගමිකයන් එකට එකම ඉසව්වකදී වන්දනාවේ යෙදෙන ජාතික සම්පතකි.

    එහෙත් මෙවර සිරිපා වාරය අන් කවරදාකටත් වඩා වෙනස්ය. ශ්‍රී ලාංකිකයාට මෙවර ඒ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුව තිබේ. ඒ මෙරටට ද බලපා තිබෙන කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙනි. මේ මස 31 වැනි දින සිට බැතිමතුන්ට සිරිපා වන්දනාවට ඉඩ ලැබුණ ද ජනවාරි මාසය තෙක් ශ්‍රී පාද වන්දනාවේ නොඑන්නැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එහෙයිනි.

    සැබැවින්ම ඒ මහජන සුබසිද්ධිය උදෙසා කරන ඉල්ලීමකි. එබැවින් ඇතැම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිරිපා වාරය ඇරඹි බවත් වන්දනාවේ යෑමට එන ලෙසත් කරන කැසකැවීම පිළිබඳ ඒ අනුව බුද්ධිමත් ජනතාව දෙවරක් සිතා බැලිය යුතු වනු ඇත. එසේම, ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන්නට වාර්ෂිකව දිගු කලක් හිමිවේ. එළඹෙන වෙසක් පොහෝ දින තෙක්ම ඊට ඉඩකඩ පවතී. වාතාවරණය පිළිබඳ හොඳින් විමසා බලා මෙවර සිරිපා වන්දනාව පිළිබඳ තීරණය කරන්නට ඒ අනුව කාට කාටත් පුළුවන.

    ඒ මෙරටට පමණක් බලපා ඇති තත්ත්වයක් නොවේ. ලෝකයේ දියුණුම කියන තාක්ෂණයට හිමිකම් කියන රටවල් වසා දමමින් මේ බියකරු වයිරසයට පිළියම් සොයන සමයකි මේ. එය එසේ තිිබියදී කුඩා දූපතක් වන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමුතුවෙන් කිව යුතු නැත. ඒ කෙසේ වෙතත් අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට මෙරට රජය ප්‍රමුඛ සෞඛ්‍ය, ආරක්ෂක අංශ සූදානම්ය. එය යථාර්ථයක් කිරීමට මහජනතාවගේ දායකත්වය ඉතා අවශ්‍යය. මේ එළඹ ඇත්තේ එවන් තවත් අවස්ථාවකි. ඒ වඩාත් සෝදිසියෙන් සහ සැලකිල්ලෙන් සමාජ දුරස්ථභාවය ඇතුළු නිර්නායක පිළිපදිමින් එදිනෙදා කටයුතු පවත්වාගත යුතු කාලයකි.

    එළඹෙන වෙසක් පොහෝදින තෙක්ම ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන්නට ඉඩකඩ පවතී. පවත්නා වාතාවරණය පිළිබඳව හොඳින් විමසා බලා මෙවර සිරිපා වන්දනාව පිළිබඳ තීරණය කරන්නට ඒ අනුව කාටත් පුළුවන. කොරෝනා වසංගතය මෙරටට පමණක් බලපා ඇති තත්ත්වයක් නොවේ. ලෝකයේ දියුණුම කියන තාක්ෂණයට හිමිකම් කියන රටවල් වසා දමමින් මේ බියකරු වයිරසයට පිළියම් සොයන සමයකි මේ. එය එසේ තිබියදී කුඩා දූපතක් වන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමුතුවෙන් කිව යුතු නැත. ඒ කෙසේ වෙතත් අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට මෙරට රජය ප්‍රමුඛ සෞඛ්‍ය, ආරක්ෂක අංශ සූදානම්ය. එය යථාර්ථයක් කිරීමට මහජනතාවගේ දායකත්වය ඉතා අවශ්‍යය. මේ එළැඹ ඇත්තේ එවන් තවත් අවස්ථාවකි. ඒ වඩාත් සෝදිසියෙන් සහ සැලකිල්ලෙන් සමාජ දුරස්ථභාවය ඇතුළු නිර්නායක පිළිපදිමින් එදිනෙදා කටයුතු පවත්වාගත යුතු කාලයකි.

    මෙවර ශ්‍රී පාද වන්දනා සමය ඉතා චාම් අන්දමින් ඇරැඹෙන බව ශ්‍රී පාදස්ථාන බාර නාහිමියෝ පවසති. එහිදී එක් මඟක 50 දෙනකුට පමණක් ගමන් කිරීමට අවස්ථාව ලැබෙයි. ඒ අතරමඟදී කිසිවකුට පඬුරු හෝ පුද පූජා දක්වන්නට ඉඩක් නැත. එමෙන්ම දන්සල් පැවැත්වීමට ද මෙවර ඉඩක් නැත. ඉතා සීමිත වෙළෙඳසල් ගණනක් පමණක් මෙවර ශ්‍රී පාද මාර්ගය දෙපස විවෘතය. එහෙත් ඒවායේ සේවකයන් අකුරටම නිරෝධායන නීති පිළිපැදිය යුතුවේ. එසේම, විටින් විට සෞඛ්‍ය අංශ මඟින් පී.සී.ආර් පරීක්ෂණවලට ඔවුන් ලක් කෙරේ. එපමණක් නොවේ. මෙවර බැතිමතුන්ට අනුන්ගේ සුබසෙත සඳහා දායක විය හැකි ආකාර ද පවතී. මුඛ ආවරණ පරිත්‍යාගය ඉන් එකකි. තවද විෂබීජ නාශක අත්සේදුම් දියරද දෙනෝදාහක් සිරිපා කරුණා කරන්නන්ගේ සෞඛ්‍යාරක්ෂාව සඳහා පරිත්‍යාගශීලින්ට දිය හැකිය.

    මේ අනුව සිරිපා ගමනේ ඔහේ ආවාට ගියාට යෙදෙන්නට මෙවර කිසිවකුට ඉඩක් නැත. සෞඛ්‍ය අංශවල අවධාරණය කිරීම වන්නේ එහිදී එක් එක් පුද්ගලයා තමන් පදිංචි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් කොවිඩ් – 19 වයිරසය ශරීරගතවී නැති වගට සහතිකයක් රැගෙන ආ යුතු වේ. සියලු වත්පිළිවෙත් අනුව පේවී සිරිපා කරුණා කරන බැතිමතුන් මෙවර තවත් ආදර්ශයක් ලොවට දෙනු ඇත. ඒ කොවිඩ් – 19 වයිරසයෙන් තමන්ද ආරක්ෂා වී අනුන්ද රකිමින් උතුම් ශ්‍රී පාද වන්දනාවේ යෙදෙමිනි.

     

    නුවන් ජයවික්‍රම

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here