බස්නාහිරින් පිටවීමට ගිය 61කට කොරෝනා

0
63
නත්තල් සහ අළුත් අවුරුදු නිවාඩු සමය හේතුවෙන් බස්නාහිරින් පිටව යෑමේදී පසුගිය දින කිහිපය තුළ කරන ලද අහඹු ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාව හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් පුද්ගලයන් 61 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. 
 
පසුගිය (18) වැනි දින සිට අද (29) පෙරවරු 06.00 දක්වා කාලය තුළ කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලිනුයි මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 
 
එම පරීක්ෂණ 10,000කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇත.
 
අධිවේගී මාර්ගය ඇතුළු බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11දී එම පරීක්ෂාව සිදුකිරීමට කටයුතු කෙරිණි. 
 
හඳුනාගෙන ඇති ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමුකර ඇති බව සඳහන්ය. 
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here