මත්ද්‍රව්‍ය ගන්න අයට බර වාහන ලයිසන් නෑ!

0
39

මත්ද්‍රව්‍ය භාවිත කරන බවට හඳුනා ගන්නා පුද්ගලයන්ට ලබන වසරේ සිට බර වාහන රියැදුරු බලපත්‍ර නිකුත් නොකිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ලබන පෙබරවාරියේ සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන බවත් එවැනි බලපත්‍ර ඉල්ලුම් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කෙරෙන විශේෂ රුධිර පරීක්ෂණයේදී වසරක් ඇතුළත ඔවුන් මත්ද්‍රව්‍ය ගෙන ඇති බවට තහවුරු වුවහොත් ඔවුන්ට වාහන බලපත්‍ර නිකුත් නොකරන බවද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය.

මේ ආකාරයට සෑම වසරකම එම පුද්ගලයන් විශේෂ රුධිර පරීක්ෂණයකට ලක්කරන බවත් එම වසර තුළදී ඔවුන් මත්ද්‍රව්‍ය ගෙන ඇති බවට තහවුරු වුවහොත් ඔවුන්ට බලපත්‍ර නිකුත් නොකරන බවද ඒ මහතා පැවැසීය.

බර වාහන රියැදුරන් හා පෞද්ගලික බස් රථ රියැදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර වාහන ධාවනයේ යෙදෙන බවට ලද පැමිණිලි රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත. මෙම රුධිර පරීක්ෂාවට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවීමක් සිදුකිරීමට පියවර ගෙන ඇති බවද ඒ මහතා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here