මෙරට පී.සී.ආර් පරීක්ෂණ ගණන ලක්ෂ 12 ඉක්මවා යයි!

0
51

රටේ සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ (28 වැනිදා) දිනය වන විට ලක්ෂ 12 ඉක්මවා ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ඒ අනුව මේ වසරේ පෙබරවාරි 18 වැනිදා සිට ආරම්භ කළ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා රජය වැයකර ඇති මුදල රුපියල් කෝටි 720 ඉක්මවා තිබේ.

මෙම පරීක්ෂණ ලක්ෂ 12 මගින් පුද්ගලයන් හතළිස් එක්දහසකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු කර ගත්තේය. ඉන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගන්නා ලදී.

ශ්‍රියානි විජේසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here