අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 205 වැන්න විජේරාම පිහිටි අගමැති නිල නිෙවසේ දී ඊයේ (29) පැවැත්විණි.
ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නියැළුණු අගමැතිවරයා, ධර්ම දේශනය සඳහා වැඩම කළ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ට දැහැත් වට්ටියක් පූජා කරමින් ධර්ම දේශනාවට ආරාධනා කළේය. බුදු දහමේ සිසිලස සකල ලෝ වැසියන්ට බෙදාදීමේ උදාර අරමුණ පෙරදැරිකර මෙම ධර්ම දේශනා මාලාව පැවැත්වෙයි.
අප දක්ෂ වියයුත්තේ නූපන් අකුසල් නූපදීමට යැයි දේශනා කළ ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ පින් කළ විට සසරට අවශ්‍ය ආයු වර්ණ සැප බල ප්‍රඥාව ලැබෙන බව දේශනා කළහ. කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පැවති ධර්ම දේශනාව සැදැහැවතුන්ගේ සහභාගීත්වයකින් තොරව අගමැතිවරයා ප්රමුඛ පවුලේ කිහිපදෙනකුගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එසේම කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රට වැසියාට සෙත්පැතීම ද මේ අවස්ථාවේ සිදු විය.
අමාදම් සිසිලස ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා, අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පවුලේ සමාජිකයෝ පිරිසක් එක්ව සිටියහ.