අවුරුදු උදාවට ඔස්ට්‍රේලියාවේ සීමා නීති තර වෙයි

0
12

නව අවුරුදු උදාව සැමරීම වෙනුවෙන් සිඩ්නි නුවර නව සීමා කිරීමේ නීති පැනවීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් කටයුතු කර ඇත. 

ගෙවුණු මාස කිහිපයේ දී ආසාදියින් හමු වූයේ නැති නමුත් පසුගියදා රෝගීන් ගණන වර්ධනය වීමේ ගැටලුවකට එරට මුහුණ දුන්නේය. බදාදා වන විට ආසාදිතයින් ගණන 147ක් දක්වා වර්ධනය විය. නත්තල් දවසේ සිඩ්නි නුවර බ්‍රොන්ටේ වෙරලේ තරුණ නරඹන්නන් පිරිසක් විනෝද වන වීඩියෝවක් නිකුත් වීමත් සමඟ විරෝධාකල්ප මතු වීමට පටන්ගෙන ඇත. මහජන සෞඛ්‍ය නියමයන් උල්ලංඝනය කරන සංචාරකයන් රටින් පිටුවහල් කරන බව සංක්‍රමණික ඇමැති ඇලෙක්ස් හෝක් කීවේය. නත්තලට සතියක් තිබිය දී සිඩ්නි නුවර කොරෝනා තත්ත්වය ඉහළ ගිය අතර වසා දැමීමේ සීමාවන් හඳුන්වා දීම සිදු විය. වසංගතය දරුණු ලෙස හිස එසවූ නෝර්ත්න් බීජ් වැනි ප්‍රදේශවල විනෝද කටයුතු සඳහා එකතුවීම් ද සීමා කෙරිණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here