අැමැතිවරුන්ටත් ඉහළින් ආර්ථිකය මෙහෙයවන්නේ බැසිල්

0
41

ඇමැතිවරුන්ටත් වඩා ඉහළින් සිට සමස්ත ආර්ථිකය මෙහෙයවනු ලබන්නේ ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාව පිටුදැකීමේ කාර්යසාධන බළකායේ සභාපතිවරයා විසින් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පසුගියදා බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසු  වේය. මුදල් ඇමැතිවරයා, වෙළෙඳ ඇමැතිවරයා මෙන්ම ඊටත් ඉහළින් සිට සමස්ත ආර්ථිකය මෙහෙයවනු ලබන්නේ ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාව පිටුදැකීමේ කාර්යසාධක බළකායේ සභාපති; 2010-2015දී ආර්ථිකය විෂය භාරව සිටි බැසිල් රාජපක්‍ෂ මහතා බවත් රට මහා පරිමාණ ණය උගුලක හිරවීම සහ වංචා-දූෂණ ඉහවහා යෑම සිදුවූයේ එම ආර්ථික ඇමැතිවරයාගේ ධුර කාලයේදී බවත් පැවැසීය.

අද වන විටත් පොල් ගෙඩිය රු. 110, 120 වැනි මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවද ජනතාවට ගැසට්වල ඇති පාලන මිලට බඩු ගැනීමට තැනක් ලංකාවෙහි නැති බවත් පැවසූ ඒ මහතා රටත් ජනතාව දවසින් දවස අගාධයට යමින් සිටින බවත් මෙම මිල වැඩිවීම ජනතාවට දරාගැනීමට නොහැකි බවත් කීවේය.

නදී මාණික්කගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here