උතුරේ ධීවර සංවර්ධන වැඩ ඇමැතිගේ නිරීක්ෂණයට

0
36

උතුරේ ධීවර සංවර්ධන කටයුතු නිරීක්ෂණය සහ එම ජනතාවගේ ගැටලු සොයා බැලීම සඳහා පසුගියදා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා උතුරේ ධීවර ගම්මාන කිහිපයක සංචාරයක නිරත විය.

පේදුරුතුඩුව කොට්ටට්ප් ප්‍රදේශයේ දියකඩනය හා ධීවර යාත්‍රා ගමන් කරන මාර්ගය මෑතකදී ඇති වු ස්වාභාවික ව්‍යසනය හේතුවෙන් විනාශ වී ඇති අතර මේ පිළිබදව සොයා බැලීමට හා ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳ එම ප්‍රදේශයේ අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීම, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

පේදුරුතුඩුවේ පිහිටුවා ඇති ප්‍රදීපාගාරය අවට වාඩි ඉදිකිරීමට වෙරළ ආරක්ෂක ඒකකයේ අනුමැතිය ලබා ගත යුතු හෙයින් දැනට ඒ අවට වාඩි තනාගෙන ධීවර කටයුතුවල යෙදන ධීවරයන්ට ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ලබා දීමට අමාත්‍යවරයා පොරොන්දු විය.

පුංකුඩුතිව්හි සංචාරය කළ ඇමැතිවරයා, මණ්කාඩු ධීවර තොටුපොළ සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව පැවැසීය. පුංකුඩුතිව් දකුණ මණ්කාඩු ප්‍රදේශයේ ජීවත්වන ධීවර කර්මාන්තකරුවන්ගේ ඉල්ලීම මත මෙම ධීවර තොටුපළ සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

මෙහිදී අමාත්‍යවරයා මෙම ප්‍රදේශයේ ධීවරයන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ද සොයා බැලූ අතර, මෙහිදී ධීවර ප්‍රජාව මෙම තොට‍ුපොළ තවත් ගැඹුරු කළ යුතු බවත්. දියකඩනයක් ඉදිකිරීමට අවශ්‍යව ඇති බවත් පෙන්වා දුන්හ.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ උපදෙස් මත ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය නෙඩුන්තිව් වෙට්ටක්කලී වැවට රුපියල් හාරලක්ෂ හැටදහසක (460000) වටිනාකමින් යුත් ඉස්සන් පැටවුන් මුදාහැරීමට පියවර ගෙන තිබිණි.

වෙට්ටක්කලී වැව ආශ්‍රිතව ධීවර පවුල් 50ක් පමණ තම ජීවිකාව කරගෙන යන අතර මෙම ඉස්සන් වගා ව්‍යාපෘතිය යටතේ එක් පවුලක් සඳහා ඉස්සන් කිලෝග්‍රෑම් 15,000ක් පමණ නෙළා ගැනීමට අවස්ථාව උදා වේ.

 

බුද්ධීකා ඉඹුලාන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here