කොරෝනා වෛරසය ආසාදිතව මරණයට පත්වන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමිදානය කිරීම සම්බන්ධනේ මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. ඔහු පවසන්නේ කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවූ මරණයක් වේ නම්, එය අනිවාර්යයෙන්ම ආදාහනය කළ යුතු බවයි. එම ස්ථිර තීරණය මේ දක්වා කිසි ලෙසකින් වෙනස් වී නොමැති බව ද, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.