කොවිඩ්වලින් මිය යන ඉස්ලාම් බැතිමතුන්ගේ මළ සිරුරු භූමදානයට අවසර ඉල්ලා මහනුවර විරෝධතා

0
48
Author(s): 
අසේල කුරුළුවංශ

කොවිඩ් ආසාදිත ඉස්ලාම් බැතිමතුන්ගේ මළ සිරුරු භූමදානය කිරීමට අවසර දෙන ලෙද ඉල්ලා සිවිල් සංවිධාන සමාජික පිරිසක් ඊයේ (30) මහනුවර ජෝර්ජ්.ඊ.ද සිලාව උද්‍යානය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වූහ.

ඉස්ලාම් භක්තියකු මියගිය පසු ආගමික වශයෙන් ඉටු කරනු ලබන චාරිත්‍ර රැසක් තිබෙන බවත් කොවිඩ් ආසාදිතව යම් අයෙකු මරණයට පත්වූ පසු එම ආගමික වතාවත් ඉටු කිරීමට නොහැකි වීම නිසා මුස්ලිම් ජනතාව දැඩි අසහනයට පත්ව සිටින බවත් හිටපු පළාත් සභා මන්ත්‍රී ලාෆීර් හාජියාර් මහතා කීය.

ලෝකයේ රටවල් 190 ක පමණ සංඛ්‍යාවක කොවිඩ් මරණ ආදාහනය හා භූමදානය දෙකම සිදුකරන නමුත් ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් නොමැති වීම කනගාටුවට කරුණක් බවද ඒ මහතා කීය.

වයිරස් පිළිබඳ විශේෂඥයන් ජාති,ආගම් බේදයකින් තොරව මේ අවස්ථාවේ රටට ඇත්ත හෙළි කළ යුතු බවත් ලෝකයේ ඉහළම ගණයේ වයිරස් විශේෂඥයන් මෙම මළ සිරුරු භූමදානය කිරීමෙන් අවධානමක් ඇති නොවන බව ප්‍රකාශ කර තිබියදී අපේ රටේ කොවිඩ් මළ සිරුරු භූමදානය කිරීමට නොදීම ගැටලුවක් බවද හෙතෙම පැවසුවේය.

යටිනුවර එජාප සංවිධායක මහේෂ් සේනානායක යන මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

ඡායාරූපය – රුවන් මීගම්මන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here