කොවිඩ් මර්දන දේශීය ඔසුව ගැන තීරණය අද රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන

0
33

කොවිඩ් වෛරසය මර්දනයට නිෂ්පාදනය කළ දේශීය ඖෂධය පිළිබඳ, ආචාර ධර්ම කමිටුවේ තීරණය අද (30) ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

ජනාධිපතිවරයා විසින් එහි පරීක්ෂණ කටයුතු වල වගකීම ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා යටතට පත්කළ අතර ඔහු ඊයේ (29) පරීක්ෂණවල ප්‍රගතිය පිලිබඳ කරුණු පැහැදිලි කරමින් මාධයට අඳහස් දක්වමින් මේ බව කියා සිටියේය.

ඇතැම් අයට මේක ඉක්මනින් කර ගන්න බොහෝම කැමැත්තක් තියෙනවා. ඒ වගේම තවත් කණ්ඩායමක් හිටියා මේක අඩපණ කරන්න. බාධා කරන්න බලාගෙන විවිධ පිරිස් හිටියා. විශේෂයෙන්ම ආගමික මතවාද කරපින්නා ගත් අය වගේම බටහිර විද්‍යාව හා බටහිර වෛද්‍ය විද්‍යාව මේ ලෝකේ තියෙන එකම දැනුම පද්ධතිය මිනිසාට ප්‍රතිකාරයක් කරන්න පුළුවන්. මිනිසාගේ ප්‍රශ්නවලට පිළිතුරක් දෙන්න පුළුවන් එකම දැනුම් පද්ධතිය කියලා හිතපු අය විවිධ ආකාරයේ බලපෑම් කළා. විශේෂයෙන්ම ආගමික විශ්වාසයන්ට ගරහමින් විවිධ ආගම්වල දෙවිවරුන්ට අපහස කරමින් සමාජ මාධ්‍ය යොදා ගෙන මහ ව්‍යාපාරයක් පටන් ගත්තා.

 

සුභාෂිණි සේනානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here