සුප්‍රසිද්ධ ඉන්දීය සමාගම් සමූහයක් වන ටාටා සමාගම් සමූහය එයාර්ඒෂියා ඉන්දියා ගුවන් සමාගමේ වැඩිපුර කොටස් මිල දී ගැනීමෙන් එරට ගුවන් සේවා කර්මාන්තයේ ඉදිරියට ප්රවිශ්ඨ වී තිබේ. ඒකාබද්ධ ව්‍යාපාරයක් වන එයාර්ඒෂියාහි කොටස්වලින් සියයට 51 සිට සියයට 84ක් දක්වා වර්ධනය කිරීමට කටයුතු කළ බව සමාගම නිවේදනය කළේය. පැවැත්ම රැක ගැනීමට වෙර දරන ඉන්දියාවේ ජාතික ගුවන් සේවය වන එයාර් ඉන්දියා ගුවන් සේවයේ කොටස් මිල දී ගැනීමට ද ටාටා සමාගම් සමූහය පසුගිය සතියේ ලන්සු තැබීය.