නව ජෙනරල්වරු දළදා සමිඳුන් වැඳපුදා ගනී!

0
39

ඊයේ (28) දින ජෙනරල් නිලයට උසස් වීම් ලද යුද්ධ හමුදාපති ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (29) දින අස්ගිරි මහා විහාරය, මල්වතු මහා විහාරය සහ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට ගොස් තිබේ.

ප්‍රථමයෙන් අස්ගිරි මහා විහාරය වෙත ගිය යුද්ධ හමුදාපතිවරයා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ සහ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.

ඉන් අනතුරුව මල්වතු මහා විහාරය වෙත ගිය යුද්ධ හමුදාපතිවරයා මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර පසුව ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් තිබේ.

මේ අතර ඊයේ දින ජෙනරල් ධූරයට උසස්වීමක් ලද ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ද දළදා සමිඳුන් වැඳ පුද ගැනීමට අද දින ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here