සුරතලයට ඇති කරන බළලුන් හෙවත් පූසන්ගෙන් කොව්ඩ් රෝගය ව්‍යාප්ත විය හැකි බව වනජිවී දෙපාර්තමෙන්තුවේ සෞඛ්‍ය අංශයේ ඉහළ නිලධාරියෙක් දිනමිණට පැවසීය.
ඒ අනුව ෆෙලිඩේ හෙවත් බළල් කුලයට අයත් සියලු සතුන්ට කොවිඩ් 19 රෝගය වැළදීමට හැකි බවත් ශ්‍රී ලංකාවේ බහුලව බළලුන් හෙවත් පූසන් නිවෙස් වල ඇති කිරීම නිසා මෙම තර්ජනය පවතින බවත් එම නිලධාරීයා සදහන් කළේය.
බළලා, කොටියා ,සිංහයා සහ දිවියා වැනි සතුන් මේ කුලකයට අයත් අතර ලෝකයේ සමහර රට වලින් බළලුන්ට කොවිඩ් 19 රෝගය වැළදි අති බවට වාර්තා වන බවත් එම නිසා ඒ පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් බවත් ඔහු පැවසිය.
නිවෙස් තුළ බළලුන් සුරතලය සදහා ඇති කිරීම සාමාන්‍ය බවත් බළලුන් ඇති කරන නිවසක පුද්ගලයෙකුට කොවිඩ් 19 වයිරසය වැළදුනහොත් එම පුද්ගලයා හරහා එම රෝගී තත්ත්වය බළලාට ඇති විය හැකි බවත් සදහන් කරන එම නිලධාරීයා ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවීම වැදගත් බවත් සඳහන් කළේය.
නුවන් හෙට්ටිආරච්චි