පොදු ප්‍රවාහන සේවාවල සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවයි

0
35
Author(s): 
රක්ෂණ ශ්‍රියන්ත

කොළඹින් පිට වන පොදු ප්‍රවාහන සේවාවල සිවිල් ඇඳුමින් සැරසුන පොලිස් නිලධාරීන් අද (31) සහ හෙට (01) යෙදවීමට පොලිසිය විසින් පියවර ගෙන තිබේ.

නිරෝධායන රීතීන් උල්ලංඝණය කිරීම සහ මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට මෙලෙස සිවිල් ඇඳුමින් සැරසුන පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. ඒ අනුව පොදු ප්‍රවාහන සේවාවල බීමතින් රිය පැදවීම, මුහුණු ආවරණය නොකර ගමන් කිරීම, දුරස්ථ භාවය තබා නොගැනීම, දුරකථනයෙන් කතා කරමින් වාහන පැදවීම, අධික වේගයෙන් රිය පැදවීම ආදී රථවාහන සහ නිරෝධායන රීතීන් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් සිවිල් ඇඳුමින් සැරසුන නිලධාරීන් විසින් තොරතුරු ලබාගෙන ආසන්නතම පොලිස් ස්ථානය වෙත දැනුම් දීමෙන් අනතුරුව අදාළ රීතීන් යටතේ ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය. මේ වන විට ආරම්භ කර ඇති රථ වාහන මෙහෙයුම්ද ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here