බ්‍රිතාන්‍යයේ නව කොරෝනා වයිරසය වැලඳුණු අමෙරිකාවේ පළමු වන රෝගියා වාර්තා වී තිබේ. ඒ කොලරාඩෝ ප්‍රාන්තයෙනි.
වයස 20 ගණන්වල පසුවන ඔහු වැඩි වශයෙන් සංචාරවල නිරත ව නැති අතර දැන් නිරෝධානයට ලක්කර තිබේ. මේ රෝගියා සමඟ සම්බන්ධ වූ තවත් අය සිටීදැයි සහ නව වයිරස් ප්‍රභේදයට ලක් වූ තවත් අය සිටීදැයි සොයමින් සිටින බවත් බලධාරීහු කියති.
මේ තත්ත්වය උදා වූයේ ට්‍රම්ප් පරිපාලනය කොවිඩ් එන්නත් බෙදාහැරීම නිසි පරිදි සිදු නොකළ බවට බයිඩන් විසින් චෝදනා කිරීමෙන් අනතුරුවය.