යුක්රේනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් තිදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
යුක්රේනයේ සිට සංචාරකයින් පිරිසක් රැගත් ගුවන් යානා ඊයේ (29) සහ (28) පෙරේදා මෙරටට පැමිණියා.
සංචාරකයින් 204 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 9 දෙනෙකු ඊයේ පැමිණි අතර පෙරේදා (28) දිනයේදී යුක්රේනයේ සිට සංචාරකයින් 180 දෙනෙකු මෙරටට පැමිණි අතර ඔවුන් සියලු දෙනා පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබුණා.
කොග්ගල හා බෙන්තොට ප්‍රදේශවල පිහිටි හෝටල්වල එම සංචාරකයන් රැඳීසිටිනවා.
මේ අතර සංචාරකයින් වැඩි වශයෙන් ඉදිරියේ දී ගෙන්වා ගැනීම සඳහා කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමේ දෛනික පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සහ සංචාරකයින් සඳහා පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව 3000 බැගින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළා.