රටට අවශ්‍ය ඡන්දය ද? සෞඛ්‍ය ආරක්ෂාව ද? තීරණය ආණ්ඩුව අතේ – හිටපු ඇමැති වජිර අබේවර්ධන

0
42
Author(s): 
ශිරෝමි අබයසිංහ

මේ අවස්ථාවේදී රටට අවශ්‍ය වන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමද නැතිනම් රටේ මහජනතාවගේ සෞඛ්‍ය, පෝෂණ සහ ආරක්ෂාව සැලසීමද යන්න ආණ්ඩුව තීරණය කළ යුතු බව හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

වර්තමාන වසංගත තත්ත්වය සමඟ ආණ්ඩුව සමස්ත රටේ ජනතාවගේ ආරක්ෂාව, පෝෂණය සහ සෞඛ්‍ය කටයුතුවලට මුල්තැනදී ක්‍රියා කළ යුතු බව පෙන්වා දෙන ඒ මහතා දැනටමත් මහා සංඝරත්නය ඇතුළු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මැතිවරණය වෙනුවෙන් කරන අනවශ්‍ය මහා වියදම වෙනුවට විකල්පයක් පාලන තන්ත්‍රය විසින් වහාම ඉදිරිපත් කළ යුතු බව පෙන්වාදී ඇතැයිද සඳහන් කළේය. යුද්ධයකින් පසු රටේ උතුර, නැඟෙනහිර, දකුණ යන සියලු ප්‍රදේශවල සියලු දෙනාට එකට ජීවත් වීමට හැකි වන සේ 2015 දී එක්සත් ජාතික පක්ෂ රජය ග්‍රාම රාජ්‍ය සංකල්පය ඉදිරිපත් කළ බවත් එය හරහා නව ක්‍රමවේදයක් රටට හඳුන්වා දීම සඳහා ද්‍රවිඩ ජනතාවගේ සහ අනෙකුත් සියලු ජනකොටස්වල අදහස් ගැනත් අවධානය යොමු කරමින් තිබුණු බවත් පැවැසීය.

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සංශෝධනය එම පනත ඉදිරිපත් කළ එවකට ඇමැතිවරයාද ඇතුළුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාම ‌සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ බවත් ඒ මහතා සිහිපත් කළේය. ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here