වරකාපොළට ක්‍රීඩාංගණයක අඩුපාඩුවක්

0
20
Author(s): 
ජයසිරි මුණසිංහ

වරකාපොළට මහත් අඩුපාඩුවක්ව පවතින මහජන ක්‍රීඩාංගණයක් නොමැතිකමේ අඩුපාඩුවෙන් මිදීමට වරකාපොල කාර්මික විද්‍යාලයේ ක්‍රීඩාපිටිය නවීකරණය කිරීමෙන් හැකියාව ලැබෙන බව එම විදුහලේ විදුහල්පති රවින්ද්‍ර අබේකෝන් මහතා රජයට යෝජනා කර සිටියි.

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැදිගම ආසන සංවිධායක උදයකාන්ත ගුණතිලක, වරකාපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් සුමනසූරිය යන මහත්වරු ප්‍රධාන දේශපාලන අධිකාරියෙන් මෙම ක්‍රීඩාපිටිය නවීකරණය කිරීමේ ඇති වැදගත්කම රජයට පෙන්වාදීමට කටයුතු කරන බවද විදුහල්පතිවරයා සඳහන් කෙළේය.

වරකාපොල, අඟුරුවැල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා වරකාපොළ නගරයට නුදුරුව පිහිටා තිබෙන කාර්මික විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සංවර්ධනය කරගන්නේ නම්, ඉන් ප්‍රදේශවාසීන්ගේ ප්‍රධාන අඩුපාඩුවක් මඟහැරී යන බව තමාද පිළිගන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක මහතා ප්‍රකාශ කළේය.

වරකාපොළ කාර්මික විද්‍යාලය අක්කර 10කින් සමන්විත වන අතර, එහි ක්‍රීඩාපිටිය මීටර් 400 ධාවන පථයක් පවා සකස් කිරීමට තරම් ප්‍රමාණවත් ලෙස පවතියි. උදයකාන්ත ගුණතිලක මහතා ඉකුත්දා කාර්මික විද්‍යාලයට පැමිණ මෙහි කටයුතු නිරීක්ෂණය කළ අතර, මේ ක්‍රීඩාපිටිය නවීකරණය කිරීමේ යෝජනාව කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට යෝජනා කිරීමට පියවර ගන්නා බව ද කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here