කොරෝනා වයිරසයට මූලාරම්භය වූ චීනයේ වූහාන් නගරයේ අලුතෙන්ම කළ සමීක්ෂණයක දී එහි කොරෝනා ආසාදිතයන් ලක්ෂ 5ක් පමණ සිටින බව හෙළි වී තිබේ.
චීනයේ රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය මේ සමීක්ෂණය සිදුකර ඇත. එම නගරයේ සිටින මිලියන 11ක් වන ජනගහනයෙන් මේ රෝගීන් පිරිස සිටින බව තක්සේරු කොට ඇත. එය සත්‍ය නම් වූහාන් නගරයේ සිටින රෝගීන් ගණන 50,354ක් යැයි පැවැසෙන නිල වාර්තාවට වඩා දස ගුණයකින් වැඩිය. චීනයේ නිල සංඛ්‍යා ලේඛන සමඟ සංසන්දනය කිරීමේ දී අසමමිතික අවස්ථා මෙහිදී සැලකිල්ලට ලක්කර නොමැත. වයිරසයේ ආරම්භය ගැන සෙවීමට අන්තර්ජාතික කණ්ඩායම එහි පැමිණීමට සමඟාමීව නව තොරතුරු අනාවරණය වී ඇත.