සෞඛ්‍ය නීති කඩකරන බස් රථ ගැන ඉදිරියේදී වැඩි අවධානයක්

0
38
ඉදිරි දිනවල සෞඛ්‍ය නීති කඩන පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බව  ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
 
මේ අනුව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ඒ සඳහා යොදවා තිබේ.
 
නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් ධාවනයේ යෙදුණු බස් රථ 50 ක පමණ ධාවන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවද වාහන නියාමනය බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here