අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නම අවභාවිත කරමින් රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 215 ක ණය මුදලක් ලබාගත් රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා. ඔහු අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රකට බස් ව්‍යාපාරිකයෙකු වනවා.
මෙම පුද්ගලයා අයවැයට පෙර අග්‍රාමාත්‍යවරයාගේ නම අවභාවිත කරමින් අදාළ රාජ්‍ය බැංකුව ද රවටමින් මෙම ණය මුදල ලබාගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ. ඔහු මෙම ණය ලබාගෙන ඇත්තේ දකුණු පළාතේ පිහිටි එම බැංකුවේ ශාඛාවකින් වන අතර බැංකුවෙන් ලබාගත හැකි විශාලතම ණය මුදල වන්නේ ද එම මුදලයි.
මෙම ව්‍යාපාරිකයා අදාළ ණය මුදල උපයෝගී කරගනිමින් දුම්වැටි විශාල තොගයක් මිලදී ගෙන ඇති අතර අයවැයෙන් පසු එම දුම්වැටි අලෙවි කර රුපියල් බිලියන ගණනක ලාභයක් ඉපැයීම අරමුණ කරගෙන සිට ඇති බවට ද හෙළිවී තිබෙනවා.
ඔහුගේ සැලසුමට අනුව අයවැයට පෙර අග්‍රාමාත්‍යවරයා මුණගැසී මෙම ව්‍යාපාරිකයා දිගින් දිගටම අයවැයෙන් දුම්වැටි මිල වැඩිකරන ලෙස ඉල්ලීම් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වංචාව අනාවරණ වීමත් සමග අදාළ පුද්ගලයා අරලියගහ මන්දිරයට ,විජයරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසට හෝ කාල්ටන් නිවසට ඇතුළත් කර නොගන්නා ලෙස ආරක්ෂක බලධාරීන්ට අග්‍රාමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇතැයි සඳහන්. එමෙන්ම ඔහු මේවනවිට දරණ රාජ්‍ය ආයතනයේ සභාපතිධූරයෙන් ද ඉවත් වන ලෙසට උපදෙස් දී ඇති බවටයි වාර්තා වන්නේ.