පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් පස් දෙනෙකු අද (31) අළුයම ඉන් පළාගොස් ඇත.
මොවුන් පස්දෙනා මීගමුව බන්ධනාගාරයේදී කොවිඩ් ආසාදිතයින් වශයෙන් හඳුනාගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා ගල්ලෑල්ල මධ්‍යස්ථානයට එවූ රැඳවියන් වන අතර ඔවුන් සොයා දැනටමත් මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙලෙස පළා ගොස් ඇත්තේ අවුරුදු 22, 23, 26, 32 හා 52 යන වයස්වල පසුවෙන මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වු පුද්ගලයින් ය.
පළාගිය ආසාදිත සැකකරුවන් පිළිබඳ තොරතුරක් වෙතොත් මුලස්ථාන පොලිස් පරීක්ෂණ පොළොන්නරුව – 0718 591 233 හා 119 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ද ඉල්ලීමක් කෙරේ.