කොවිඩ් 19 වයිරසය ආසාදිත මරණ සංඛ්‍යාව 204 දක්වා ඉහළ ගොස් ඇති බවට ඊයේ (31) පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව වන විට වාර්තා වී තිබිණි.
හතරලියද්ද, දේදුනුපිටිය ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයකු ද වයිරසය ආසාදනය වී මරණයට පත්ව ඇති බවට වාර්තා වීමත් සමඟ මරණ සංඛ්‍යාව 204ක් දක්වා ඉහළ ගොස් ඇත.
මීට අමතරව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පෙරේදා (30) තහවුරු කළ මරණ 4ක් ද වාර්තා වේ.
මඩකලපුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 72ක් වයසැති පිරිමි පුද්ගලයකු මඩකලපුව ශික්ෂණ රෝහලේදී මරණයට පත්ව ඇති අතර, කොවිඩ් නියුමෝනියාව සහ මෙනින්ජයිටිස් රෝග තත්ත්වය මරණයට හේතු වී තිබේ. කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 50ක් වයසැති පිරිමි පුද්ගලයකු හෝමාගම රෝහලේදී මරණයට පත්ව ඇති අතර කොවිඩ් – 19 සමඟ ඇති වූ උග්‍ර වකුගඩු ආසාදනය සහ අධි රුධිර පීඩනයත්, හෘද රෝග තත්ත්වයත් මරණයට හේතු වී ඇත. කොළඹ 15 පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයකු ජාතික රෝහලේදී මරණයට පත්ව ඇති අතර කොවිඩ් නියුමෝනියා හා උග්‍ර දියවැඩියා තත්ත්වය මරණයට හේතු වී ඇත. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 70ක් වයසැති කාන්තාවක් හෝමාගම මූලික රෝහලේදී මරණයට පත්ව ඇති අතර උග්‍ර අක්මා ආසාදනය සහ කොවිඩ් 19 ආසාදනය සමඟ ඇති වූ ලේ විෂ වීමේ කම්පන තත්ත්වය මරණයට හේතු වී තිබේ.