පළාත් සභා මැතිවරණය පවත්වන තෙක් පවතින පළාත් සභාවන් යළි සක්‍රීය කරන නව නීතිරීති සැකසීමට ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ‘දිනමිණ’ ට පැවසීය. නව වසරේ දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබඳ වැදගත් වන කරුණු හතරක් සම්බන්ධයෙන් මූලික අවධානයක් යොමු කරමින් පෙරේදා (30) රාත්‍රියේ ඩාලි පාර, ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේදී පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මේ තීරණය ගත් බව මහ ලේකම්වරයා කීය. එමෙන්ම යෝජිත නව ව්‍යවස්ථාව සම්පාදනයේදී ශ්‍රීලනිපයේ යෝජනා ඉදිරිපත් කිරීම, ආසන මට්ටමින් ශ්‍රීලනිප සංවිධාන ජාලය ශක්තිමත් කිරීම සහ ආසන සංවිධායකවරුන් අලුතින් බඳවා ගැනීමට වැඩපිළිවෙළක් සැකසීම පිළිබඳ ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් මහ ලේකම්වරයා පැවසීය.
රුවන්ත නිතුල්ගස්පිටිය