තවත් යුක්‍රේන සංචාරකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි!

0
43

මෙරට සංචාරය සඳහා පැමිණි තවත් යුක්‍රේන ජාතික සංචාරකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් ඒ අනුව වෛරසය ආසාදනය වූ සමස්ත යුක්‍රේන සංචාරකයින් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

මේ අතර අද දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 639 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 42,702ක්.

සමස්ත ආසාදිතයින් ගෙන් දැනට රෝහල් ගතව සිටින සංඛ්‍යාව 7,884ක් වන අතර සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 34,623ක්.

මේ අතර තවත් කොරෝනා මරණ 04 ක් වාර්තා වුණා. මඩකපුව ප‍්‍රදේ්ශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මඩකලපුව ශික්ෂණ රෝහලේදී මියගොස් ඇත්තේ කොවිඞ් නිව්මෝනියාව සහ මෙනින්ජයිටීස් රෝගී තත්ත්වය හේතුවෙන්. හෝමාගම මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිිටි 70 හැවිරිදි කාන්තාවක් උග‍්‍ර අක්මා රෝගී තත්ත්වයක් සහ කොරෝනා ආසාදනය වීම සමග ඇති වූ ලේ විෂ වීමේ තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත්තේ. එම කාන්තාව කොළඹ 10 ප‍්‍රදේ්ශයේ පදිංචිව සිටි තැනැත්තියක්.

හෝමාගම මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිිටි කොරෝනා ආසාදිත 50 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද මියගොස් තිබෙනවා. ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඞ් 19 ආසාදනය සමග ඇති වූ උග‍්‍ර වකුගඩු ආසාදනය සහ අධි රුධිර පීඩනයයි. කොළඹ 15 ප‍්‍රදේ්ශයේ පදිංචිව සිටි 66 පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා. ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඞ් නිව්මෝනියා තත්ත්වය සහ උග‍්‍ර දියවැඩියා තත්ත්වයයි.

එම මරණ 04 ත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 199 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ස`දහන් කළේ. ඊයේ දිනයේ පමණක් මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 636 දෙනෙකු හ`දුනාගෙන ත‘බෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here