නවක වදය පිටුදකිමු

    0
    12

    ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය අද වන විට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් බවට පත්ව ඇති බව නොරහසකි. නමුත් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ වත්මන් ක්‍රියාකාරීත්වය නිසා උක්ත කීර්ති නාමය පලුදු වන ලකුණු මේ වන විට පහළ වී ඇති බව කනගාටුවෙන් යුතුව දැනුම් දී සිටින්නෙමු.

    විශ්වවිද්‍යාලය තුළ නවකවදය නවතා ඇති බවට මහා ශිෂ්‍ය සංගමය ප්‍රකාශ කළ ද, පිරිමි නේවාසිකාගාර සංකීර්ණයක් වන සිංහරාජ නේවාසිකාගාර සංකීර්ණය තුළත්, කාන්තා නේවාසිකාගාර සංකීර්ණයක් වන වලව නේවාසිකාගාර සංකීර්ණය තුළත් ඉතා දරුණු මට්ටමින් මේ වන විටත් නවකවදය ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම නේවාසිකාගාර තුළදී ජ්‍යෙෂ්ඨ සිසුන් තම අසහනකාරී ආශාවන් ඉටු කර ගැනීමේ පහත් මානසිකත්වයෙන් නවක සිසුන් බහුලව භාවිත කරනු ලබයි.

    මහා ශිෂ්‍ය සංගමය මඟින් විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක කරනු ලබන නවක වදය හේතු කොටගෙන සිසුන් රැසක් අද වන විට විශ්වවිද්‍යාලය හැර ගොස් ඇත. ඔවුන්ගේ අනාගතය මෙසේ අඳුරු කරන තෙක් බලා සිටිය යුතු ද? එසේම නවක සිසුන්ට අමානුෂික ලෙස සිදුකරන පහර දීම් පිළිබඳව ද සඳහන් කළ යුතුය. විශ්වවිද්‍යාලයට පැමිණෙන සෑම නවක කණ්ඩායමක්ම මෙසේ පහර දීම්වලට ලක් වන අතර නවක සිසුන් නීතිය හමුවට නොයන්නේ ජ්‍යෙෂ්ඨ සිසුන්ට ඇති බිය නිසාත්, විශ්වවිද්‍යාලය තුළ තම පැවැත්ම අස්ථිර වන නිසාත්ය.

    ඉහත සඳහන් නේවාසිකාගාර සංකීර්ණයන් තුළ ලංකාවේ නීතියෙන් තහනම් මත්ද්‍රව්‍ය සියල්ලම පාහේ භාවිත කරන බවත්, ගංජා වැනි මත්ද්‍රව්‍යයන් නේවාසිකාගාර තුළ ඉතා සූක්ෂම ලෙස වගා කරන බවත්, ගංජා වැනි මත්ද්‍රව්‍යයන් භාවිතයට නවක සිසුන් බලහත්කාරයෙන් යොමුකරවන බවත්, නේවාසිකාගාර තුළ ගංජා වැනි මත්ද්‍රව්‍යයන් වෙළෙඳාම් කරන බවත්, කනගාටුවෙන් යුතුව දැනුම් දෙන්නෙමු.

    නවකවදය පිටුදැකීමේ ශිෂ්‍ය එකමුතුව

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here