පාසල් තුළ දුරස්ථ අධ්‍යාපන පහසුකම් ප්‍රවර්ධනයට පියවර

0
39
මෙරට පාසල් වෙත අන්තර්ජාල පහසුකම් ඇසුරින් දුරස්ථ අධ්‍යාපන පහසුකම් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය උපකරණ සහ උපාංග නොමිලේ ප්‍රදානය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්වීමට හුවාවි සමාගම එකඟත්වය පළ කරන බව ඒ සම්බන්ධයෙන් පසුගිය දා (28)  අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ හමුවේ දී අනාවරණය විය.
 
 ඒ අනුව හුවාවි සමාගම අන්තර්ජාල පිවිසුම් සඳහා පිවිසුම් උපාංග (Access Points) 30,000ක් පමණ ලබාදීමට එකඟතාව පළ කර තිබේ. දරුවන්ගේ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් ඵලදායී අයුරින් ඉටුකරලීම වෙනුවෙන් අන්තර්ජාල පහසුකම් පාසල් වෙත ලබාදීමට හැකිවීම ඉතා කාලෝචිත හා වටිනා පියවරක් බව මෙහි දී අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
 
     මේ අවස්ථාවට අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, තොරතුරු තාක්ෂණ ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂිකා උදාරා දික්කුඹුර, නියෝජ්‍ය අධ්‍යක්ෂක එම් වී ටී මලින්ද, අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ පෞද්ගලික ලේකම් නලින් ගම්ලත්, මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර ඇතුළු මහත්ම මහත්මීන්  පිරිසක් ද, හුවාවි ශ්‍රී ලංකා ආයතනයේ උප සභාපති ඉන්දික ද සොයිසා, නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී රිකාර්ඩෝ ක්සියාඕ (Richardo xiao)  මහත්වරුන් ඇතුළු නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here