මීළඟ ජනපතිවරණයටත් සජිත් – රංජිත් මද්දුම බණ්ඩාර

0
39

මීළඟ ජනාධිපතිවරණය සඳහා සමඟි ජන බලවේගයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා වන්නේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා බව පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා දිනමිණට ඊයේ (31) පැවසීය.

2021 අවුරුද්ද සමඟි ජන බලවේගයෙන් ඕනෑම මැතිවරණයකට මුහුණ දී ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරගෙන යන බවත් ඊළඟ ජනාධිපතිවරණයට සමඟි ජන බලවේගයේ නායකයා ඉදිරිපත් කරන බවත් කියා සිටි ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයන් සිටියදී වෙනත් පක්ෂවල නායකයන් ඉදිරිපත් කර සිදු වූ අපරාධය හොඳින් දන්නා බවත් ඒ මහතා කියා සිටියේය.පාක්ෂිකයන් මේ නිසා මහත් පීඩාවට පත් වුණා. ආයෙ ඒ වැරැද්ද අපි කරන්නෙ නෑ. මේ සඳහා සජිත් ප්‍රේමදාස මහතා දැනටමත් සූදානම් වෙමින් ඉන්නවා. ඔහු අත්දැකීම් ඇති පළපුරුදු නායකයෙක්. ඒ වගේම රටේ විශ්වාසය දිනාගත් නායකයෙක්. ඒ නිසා අපි විශ්වාස කරනවා සමඟි ජන බලවේගයේ නායකයා අනාගතයේ අපි පිහිටුවනු ලබන සන්ධානයේත් නායකයා වෙනවා. එහෙම නම් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයාත් ඔහු විය යුතුයි කියන අදහසයි ප්‍රකාශ කළේ. හැමෝම පිළි ගන්නවා ඒකමතිකව සජිත් ප්‍රේමදාස මහතා තමයි ඉදිරිපත් විය යුත්තේ යැයි ඒ මහතා කියා සිටියේය.ඒ මහතා මේ බව පැවසුවේ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here