ලොව වටා

    0
    6
    2 ජනවාරි, 2021

    වූහාන්වල පමණක් ලක්ෂ පහකට කොවිඩ්

    නිශ්චිතව ගණනය කර බලන්නේ නම් වූහාන් නගරයේ පමණක් කෝවිඩ් ආසාදිතයන් ලක්ෂ පහක් පමණ සිටිය හැකි බව චීන ආසාදන පාලන සහ වැළකීමේ මධ්‍යස්ථානය (Chines Center for Disease Control and Prevention) පසුගියදා ප්‍රකාශයට පත් කර තිබේ. වූහාන් හි සමස්ත ජනගහණය මිලියන 11කි. ඒ අනුව නගරයේ සමස්ත ජනහගනයෙන් සියයට පහකට පමණ වයිරසය ආසාදනයවී සුවපත් වී ඇතැයි එම මධ්‍යස්ථානයේ මතයයි. මීට පෙර චීනය ප්‍රකාශයට පත් කළ නිල සංඛ්‍යා ලේඛන අනුව වූහාන් නගරයෙන් වයිරසය ආසාදිතයන් හමුවූයේ 50,354ක් පමණි.

    වයිරසයේ පැතිරීම මුල්වරට වාර්තා වූ බැවින් නිශ්චිත පර්යේෂණ සිදු කිරීමට සහ නිල සංඛ්‍යා ලේඛන පවත්වා ගැනීමට අපහසු වීම මෙලෙස දත්ත නිවැරැදි නොවීමට හේතුව ලෙසින් ප්‍රකාශයට පත්ව තිබේ.

     

    කමලා හැරිස් කොවිඩ් එන්නත ගනී

    මේ වන විට ඇමරිකාව පුරා ෆයිසර් සමාගමේ කොවිඩ් එන්නත බෙදා හැරෙමින් පවතින අතර ලබන 20 වැනිදා සිට එරට උප ජනාධිපතිනිය ලෙස වැඩ බාර ගන්නා කමලා හැරිස් ද එන්නත ලබා ගත් බව වාර්තා වේ. ඇය එන්නත ලබා ගෙන ඇත්තේ වොෂිංටන් නගරයේ යුනයිටඩ් මෙඩිකල් සෙන්ටර්හිදී ය. එන්නත ලබාගැනීමෙන් පසු ඇය පවසා ඇත්තේ ‘එය ඉතා සරල දෙයක්’ යනුවෙනි.

    මීට පෙර ජනාධිපති ජෝ බයිඩ්න් පසුගිය දෙසැම්බර් 21 වැනිදා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත්තේය.

    ඒ බවද සඳහන් කරමින් කමලා මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ‘ජෝ පැවසූ පරිද්දෙන්ම මෙය කිසිඳු වේදනාවක් ගෙන දෙන්නේ නැහැ. මේ එන්නත ලබා ගැනීම සඳහා රටේ ජනතාව ධෛර්යමත් කිරීමට මට අවශ්‍යයි’ යනුවෙනි.

     

    තව වසර දාහකින් හඳ නෑ

    තවත් වසර 1110කට පසු තවදුරටත් පෘථිවියට ඉහළ අහසේ සඳ දැකගැනීමට නොහැකි වනු ඇති බව විද්‍යාඥයන් තහවුරු කර තිබේ. එයට හේතුව ලෙස ඔවුන් පවසා ඇත්තේ සල්ෆර්වලින් සමන්විත ඝනැති වලාකුළක් එම යුගය වන විට පෘථිවට වටා ඇතිවීමට නියමිත බවයි. ඒ හේතුවෙන් තවදුරටත් පෘථිවි වාසීන්ට හඳ දැකගැනීමට නොහැකි වනු ඇති බව ඔවුන්ගේ අනුමානය වී තිබේ.

    වායුගෝලයට මේ සල්ෆර් මුසු වීම පෘථිවිය අභ්‍යන්තරයෙන්ම සිදුවිය හැකි බවද ඔවුන්ගේ අදහසයි. ඔවුන් පවසන්නේ පෘථිවි අභ්‍යන්තරයේ සිට මතුපිටට පැමිණෙන සල්ෆර් වායු දහරා වායු ගෝලය වැඩි වශයෙන් අපවිත්‍ර කරන බවයි. ඔවුන් ඒ සඳහා හොඳම උදාහරණය ලෙස අයිස්ලන්තයේ ඇති ගිනි කඳු පෙන්වා දෙති. එම ගිනි කඳු පිපිරීම්වලදී අති විශාල සල්ෆර් තොග වායුගෝලයට මුසුවන බව තහවුරු කර තිබේ.

     

    උතුරු කොරියාව මහ පක්ෂ ප්‍රතිසංවිධානයකට සැරසෙයි

    ජනවාරි මස ආරම්භයේදීම පක්ෂයේ මහ රැස්වීමක් කැඳවීමට උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් කටයුතු සූදානම් කර තිබේ. මේ බව එරට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ රටේ ජනතාවට වෙත දැනුම් දී තිබේ. එහිදී පක්ෂ ප්‍රතිසංවිධානයක් මෙන්ම නව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයක් ගෙන ඒමටද නායකත්වය සූදානම් වන බව ප්‍රකාශිතය.

    දැනට ප්‍රකාශ වී ඇත්තේ මේ පක්ෂ සමුළුව ජනවාරි 20 වැනි දින ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ දිවුරුම් දීමට සමගාමීව පැවැත්වෙනු ඇති බවය. උතුරු කොරියාවද නව යුගයට ගැළපෙන පරිදි ප්‍රතිසංවිධානාත්මක ආර්ථික රටාවක් වෙත ගෙන යෑමට එරට රාජ්‍ය නායකයා අපේක්ෂා කරන බවද ප්‍රකාශ වී තිබේ.

     

    රුසියාව ධීවරයන් සොයයි

    පසුගියදා බැරන්ට් මුහුදේදී කුණාටුවකට හසුවූ ධීවරයන් 17දෙනා සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට ගෙන යෑම රුසියාව තීරණය කර තිබේ. මේ සෝදිසි මෙහෙයුම් මුහුදෙන් මෙන්ම අහසෙන්ද ක්‍රියාත්මක බව සාගර ප්‍රවාහන ඒකකයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ.

    දැනටමත් නෞකා දෙකක් ඒ සඳහා යොදවා ඇති අතර, ඉදිරියේදී තවත් ගුවන් යානා ද යොදවන බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

    සමාජවාදී ක්‍රමය බිඳ වැටී රුසියාව දැඩි ලෙස අසරණව පැවති යුගයකදී බොහෝ මුහුද අනතුරුවලින් දිවි ගලවාගත් රුසියානුවන්ට මුදා ගැනීමේ මෙහෙයුම් නොමැති වීමෙන් සාගරයටම දිවි පුදදීමට සිදුවිය. එහෙත් අද වන විට අතිශය ස්ථවාර තත්ත්වයක පවතින රුසියාව තම ධීවරයන් සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සියලුම රුසියානුවන් ප්‍රීතියට පත් වනු නොඅනුමානය.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here