පසුගිය පාස්කු ඉරුදින සිදුවූ බෝම්බ ප්‍රහාර සමඟ විවිධ අන්තවාදී පිරිස් ජාතික හා ආගමික සංහිඳියාව පලුදු කිරීමට උත්සාහ කරන බව පෙනේ. ආගමික අන්තවාදය මේ රටින් සදහටම තුරන් කළ යුතුය. එහි කිසිදු විවාදයක් නැත. එහෙත් මෙපමණ කලක් මෙරටේ පැවති බෞද්ධ කතෝලික හින්දු මුස්ලිම් සාම්ප්‍රදායික සහජීවනයට බාධා කිරීමට ඉඩ නොදිය යුතුය.
මෙරට නිදහස ලබා ගැනීමේදී සිංහල දෙමළ හා මුස්ලිම් නායකයෝ එක්ව ක්‍රියා කළහ. ඉන් අනතුරුව ඔවුහු සමගියෙන් ජීවත් වූහ. රටේ සංවර්ධනයට මේ සියලු දෙනාගෙන් ලැබුණු දායකත්වය ද සුළුපටු නොවේ.
නිදහසින් පසු රටේ සංවර්ධනය උදෙසා විවිධ ක්‍රියාමාර්ග හා සංවර්ධන ව්‍යාපෘති රටේ ක්‍රියාත්මක වුවත් ලංකාව සංවර්ධිත රටක් නොවූයේ කොටි ත්‍රස්තවාදය, මුස්ලිම්, සිංහල, කෝලාහලය. තරුණ නැඟිටීම් බෝම්බ ප්‍රහාර, සුනාමි ඛේදවාචකය ආදී රටේ උද්ගතවූ සිදුවීම් නිසාය.
සියලු ත්‍රස්තවාද තුරන් කරන අතරම ආගමික සංහිඳියාව ද ගොඩනැඟීම රටේ සංවර්ධනයට ඉතාවැදගත්ය. සිංහල මුස්ලිම් දෙමළ ජාතිකයන් එක් එක් ජනවර්ග කෙරෙහි සැකයෙන් අවිශ්වාසයෙන් ක්‍රියා කරන්නේ නම් රටේ සංවර්ධනයට එය මරු පහරකි.
එම නිසා ත්රස්තවාදීන් හඳුනාගෙන ඔවුන්ට නිසි දඬුවම් දී ගමේ නගරයේ වැඩපළේ කටයුතු කරන සිංහල මුස්ලිම් දෙමළ, බෞද්ධ, කතෝලික, ඉස්ලාම් සියලුදෙනා එකට සමගියෙන් ක්‍රියාකොට නැවත රට ගොඩනැඟීම කෙරෙහි සැමගේ අවධානය යොමු වේවා.
විතාරන්දෙණියේ වජිර හිමි