සාධාරණයක් කරන්න!

    0
    8

    දශක 03ක කාලයක් මුළුල්ලේ මෙරට පැවැති ත්‍රස්තවාදී උවදුරින් මවුබිම බේරා ගැනීමේ උදාර පරමාර්ථය පෙරදැරි කරගෙන ත්‍රිවිධ හමුදා සේවයට එක්ව ජයග්‍රහණයට දායක වූ පිරිසකි. 20ක් සේවය කර නිදහස ලැබූ අපි එකී සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් වීමු.

    විශ්‍රාමික වැටුපක් නොලබන අපි එතැන් සිට අත් වූ අයහපත් ආර්ථිකය හමුවේ ලංකා බැංකුව, මහජන බැංකුවල පෞද්ගලික ආරක්ෂක සේවයට එක් වූයෙමු. බැංකුව, දේපළ හා සමස්ත ගනුදෙනුකාර භවතුන්ගේ පූර්ණ ආරක්ෂාව තහවුරු කරමින් බැංකු සේවාවේ ප්‍රවර්ධනයට සක්‍රීයව දායක වීමු. ජීවිත අවධානම පවා නොතකා වසර 10 , 15 ආදී වශයෙන් මේ වන විටත් සේවයේ නියුක්ත පිරිසක් වන අප හට මාසිකව දින 26ක සේවාවකට ලබා දෙන්නේ ද ඉතා සුළු මාසික වැටුපක­්ය.

    එහෙත් මේ දක්වා අපගේ සේවය ස්ථිර කර හෝ සුරක්ෂිත කර නොමැත. එබැවින් අපට සිදුව ඇත්තේ බලවත් අසාධාරණයකි. මේ පිළිබඳව සොයාබලා සාධාරණයක් ඉටුකර දෙන ලෙස අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

    එච්.ජී. සුනිල් මුල්ලේගම 
    මහියංගණය

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here