ඇසට්ලයින් වෙතින් නොමිලේ ෆුල් ටෑන්ක් පෙට්‍රල්

0
20
2 ජනවාරි, 2021

ඇසට්ලයින් ලීසිං නවතම ප්‍රවර්ධන වැඩසටහන වන “වාහන ප්‍රශ්නෙට රෙජිස්ටර්ඩ් උත්තරේ” යටතේ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථවලට ලීසිං ලබාගන්නා ගනුදෙනුකරුවන්ට “පෙට්‍රල් බොනැන්සා” නමින් විශේෂ දීමනාවක් ද හඳුන්වා දී ඇත.

ඒ අනුව ලීසිංපහසුකම් ලබාගන්නා සියලු ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා වසරක් පුරා මසකට වරක් Full Tank ඉන්ධන නොමිලේ ලබාදෙනු ඇත.

එපමණක් නොව මෙම දීමනාව සමඟ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ ලීසිං පහසුකම් වෙනුවෙන් වෙළෙඳ පොළේ අවම මාසික වාරිකයක් දැනට ලබාදෙන්නේ ද ඇසට්ලයින් ලීසිං වෙතිනි. ලීසිං ඉතිහාසයේ නව්‍යකරණයේ ප්‍රමුඛයා ලෙස 2003 වසරේ පටන් මේ දක්වා වසර 17ක කාලයක් ඇසට්ලයින් ලීසිං කම්පනි ලිමිටඩ්, ලීසිං ක්ෂේත්‍රය තුළ විශ්වසනීය සේවයක් පාරිභෝගිකයාට පිරිනැමූ ආයතනයක් මෙන්ම ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මූල්‍ය සමූහය ද වේ.

වාරික ගෙවීමේදී රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ඔස්සේද, අන්තර්ජාලය හරහා මුදල් හුවමාරුකිරීමේ පහසුකම ද සමගින් පාරිභෝගිකයාට දවසේ ඕනෑම වේලාවක තම වාරික ගෙවීමේ හැකියාව ඇසට්ලියන් ලීසිං සලසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here