සෑම රජයේ සේවකයකුටම රුපියල් පනස් දහසක ණයක් ලබා දෙන බව පැවසුවද ණය තොරතුරු කාර්යංශයේ (CRIB) නම ඇතුළත්ව ඇති අයදුම්කරුවන්ට එම ණය මුදල ලබා ගත නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. වර්තමාන ආණ්ඩුවේ අකාර්යක්ෂම ආර්ථික කළමනාකරණය නිසා ණය තොරතුරු කාර්යංශයේ නම ඇතුළත්ව නැති පුද්ගලයකු සොයා ගැනීම කළුනික සෙවීම වැනි කටයුත්තක් බවට පත්ව ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කීවේය.
රුපියල් පනස් දහසේ සහන ණය මුදලට රැවටී බැංකුවේ පෝලිම්වල සිටි රජයේ සේවකයන්ට උත්සව අත්තිකාරමද නොමැතිව පසුගිය සමය ගත කිරීමට සිදුව ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ඔහු මේ අදහස් පළ කළේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
පහන් විජේසේකර