එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත්වීම සම්පූර්ණ කිරීමෙන් අනතුරුව නව යුගයක් උදාවී ඇතැයි බීබීසී වර්තා කරයි. පසුගියදා ග්‍රිනිච් මධ්‍ය වේලාවෙන් 23.00 වැනි පැයට බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ නීති අනුගමනය කිරීම නතර කළේය. සංචාරය කිරීමට, වෙළෙඳාමට, සංක්‍රමණයට සහ ආරක්ෂක සහයෝගයට නව පියවර ගෙන ඇත. “අපට නිදහස ලැබී ඇත“ යැයි ද “වෙනස් සහ වඩා හොඳ ආකාරයට“ දෙයක් කළ හැකියැයි ද අගමැති බොරිස් ජොන්සන් කීය. දීර්ඝ ක්‍රියාවලියක් වූ බ්‍රික්සිට් මේ ආකාරයෙන් අවසානයකට පැමිණියේයැයි විචාරකයෝ පවසති. එක්සත් රාජධානිය තවදුරටත් මිතුරු සහ එකම පාර්ශ්වයේ රාජ්‍යයක් ලෙස සලකන බව ප්රංස ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මේ අතර කියා තිබේ.