ඒඩන් නුවර ගුවන්තොටුපොළක බෝම්බයක් පුපුරා 22ක් මියගිහින්

0
16

යේමනයේ ඒඩන් නුවර ගුවන්තොටුපොළක බෝම්බයක් පුපුරා යෑමෙන් 22 දෙනකු මියගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. අසල්වැසි සවුදි අරාබියේ සිට එරට ආණ්ඩුව පැමිණ කෙටි කාලයකින්ම පිපිරීම සිදු වී තිබේ. මියගිය සහ තුවාල ලැබූ පිරිස අතර ආධාර සේවකයන් සහ නිලධාරීන් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි. ජනසන්නිවේදන ඇමැතිවරයා ප්‍රකාශ කළේ හෝති කැරැලිකරුවන් මේ ප්‍රහාරයට වගකිව යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here