2 ජනවාරි, 2021

දිවයින පුරා සෙලින්කෝ ලයිෆ් සමාගම මෙහෙයුම් කටයුතුවල දී පරිසරයට මුදාහරින කාබන් ප්‍රමාණය පිළිබඳව තක්සේරුවක් කිරීමට සෙලින්කෝ ලයිෆ් සමාගම කාබන් කන්සල්ටිං කම්පනි සමඟ එක්වී ඇත.
මෙම විස්තීර්ණ හරිතාගාර වායු (GHG) තක්සේරුව සෙලින්කෝ ලයිෆ් සමාගමේ හරිත න්‍යාය පත්‍රයට අනුව ආරම්භ කර තිබෙන අතර මෙමගින් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා විසින් සිය මෙහෙයුම් කටයුතුවල දී සෘජුව සහ වක්‍රාකාරව පරිසරයට මුදාහරින හරිතාගාර වායු පිළිබඳව ගණනයක් කරනු ලබයි. මේ නිසා, තම ව්‍යාපාරික කටයුතුවලින් පරිසරයට සිදුවන බලපෑම අවමකර ගැනීම සඳහා මෙම තක්සේරුව ප්‍රයෝජනයට ගැනීමට ඉදිරියේ දී සමාගමට හැකිවනු ඇත.