කොවිඩ් – 19ට එරෙහිව සටනට සියැට් යළිත් සහයෝගය දෙයි

0
8
2 ජනවාරි, 2021

කොවිඩ්-19 වසංගතයට එරෙහිව ගෙන යන සටනට තවදුරටත් සහයෝගය දක්වමින් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් ශ්‍රී ලංකා පොලීසියට සහ දිවයින පුරා පිහිටි සියැට් ටයර් වෙළෙඳ නියෝජිතයන්ට අත්‍යවශ්‍ය ආරක්ෂිත උපකරණ සහිත අසුරන 1000 ක් පසුගියදා බෙදා දෙන ලදී.

මෙම සෑම අසුරණයකම භාවිත කිරීමෙන් පසුව ඉවතලන අත් වැසුම් 100 ක්, නැවත නැවතත් භාවිත කළ හැකි මුව ආවරණ 05 ක් සහ හෑන්ඞ් සැනිටයිසර් බෝතල් 05 ක් ඇතුළත් වන අතර සියැට් සමාගමේ නාමයද ඇතුළත් කරමින් මෙම භාණ්ඩ සමාගම වෙනුවෙන්ම නිෂ්පාදනය කර තිබේ. පොලිස් නිලධාරීන්ට බෙදාදීමට මෙම අසුරන 450 ක් සමාගම විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන්ට බාර දුන් අතර ඉතිරි අසුරණ 550 ගනුදෙනුකරුවන් සමඟ කෙලින්ම කටයුතු කරන දිවයින පුරා පිහිටි සියැට් වෙළෙඳ නියෝජිතයන් වෙත ප්‍රදානය කරන ලදී.

කොවිඩ්-19 ට එරෙහි සටනේ පෙරමුණේ කටයුතු කරන ජාතික බෝවන රෝග විද්‍යායතනය, සෞඛ්‍ය අමාත්‍යංශය, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සහ එහි පශ්චාත් වෛද්‍ය පුහුණු මධ්‍යස්ථානය, රිජ්වේ ආර්යා ළමා රෝහල, බදුල්ල මහ රෝහල, කුරුණෑගල මහ රෝහල සහ ශ්‍රී ලංකා පොලීසිය යන ජාතික ආයතනවලට සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් මීට පෙර රුපියල් මිලියන 10 කට වඩා වැඩි වටිනාකමක් සහිත උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාගයට අමතරව සියැට් කැළණි සමාගම විසින් මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ ඇඳන් 106 කින් යුතු යුද හමුදා රෝහලක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 02 ක ආධාර මුදලක් ලබා දී තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here