රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 01 ග්‍රෑම් 600ක් සූක්ෂ්ම ලෙස යතුරුපැදියකින් මාර්ගයෙන් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවකුද සමඟ අම්බලන්ගොඩ බෙල්වල ප්‍රදේශයේදී පොලිසිය විසින් පෙරේදා (31) අත්අඩංගුවට ගෙන තිබේ. පෙරේදා (31) සවස ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් කරනු ලැබූ විශේෂ මෙහෙයුමකදී මේ සැකකරු යතුරු පැදිය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ යතුරු පැදියේ සූක්ෂම ලෙස මේ හෙරොයින් තොගය සඟවා තබා ඇති අතර පොලිස් නිලධාරීන්ගේ උකුසු ඇසට හසු නොවුණා නම් එය සමාජය වෙත ගලා යෑමට ඉඩ තිබුණි.
සැකකරු ඊයේ (01) දින අධිකරණයට ඉදිරිපත් කර අන්තරායකර ඖෂධ පනත ප්‍රකාරව තව දුරටත් දින හතක් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
රක්ෂණ ශ්‍රියන්ත සහ කරන්දෙණිය සමූහ