‘ග්ලැසියර් බ්‍රෝ’ ටිබෙටයේ විලකට වැටී මිය ගිහින්

0
10

 

චීනයේ ජනප්‍රිය පරිසරවේදියකු සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වූ “ග්ලැසියර් බ්‍රෝ” ලෙස ප්‍රකටව සිටි අයෙකු ටිබෙටයේ සීත ජලය පිරි විලකට වැටීමෙන් මියගොස් තිබේ. දෙසැම්බර් 20 වැනිදා අතුරුදන් වූ 30 හැවිරිදි වෑන්ග් ෂියෑන්ජුන් ඒ අවස්ථාව වනවිට ග්ලැසියර ගැන අධ්‍යයනයක නිරත ව සිටි බව වාර්තා වේ. තවමත් ඔහුගේ මෘත දේහය හමුව වී නැත. එහෙත් වෑන්ග්ගේ සමාජ මාධ්‍ය ගිණුම ඔහුගේ මරණය තහවුරු කර ඇත. ග්ලැසියර ගවේෂණය ගැන වීඩියෝ වාර්තා සකස් කර ඇති ඔහු, දේශගුණික වෙනස්කම් වෙනුවෙන් සහ පරිසරය සංරක්ෂණය කිරීම වෙනුවෙන් ඒවා රැකගැනීමේ වැදගත්කම ප්‍රචලිත කිරීමට දිවි හිමියෙන් කටයුතු කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here