චීනයේ සිනෝෆාර්ම් කොරෝනා එන්නතට අනුමැතිය

0
16

චීනයේ රජයට අයත් ඖෂධ නිෂ්පාදන සමාගමක් වන සිනෝෆාර්ම් නිෂ්පාදනය කළ කොරොනා එන්නත මහජනතාවට භාවිත කිරීම සඳහා එරට බලධාරීන්ගේ අනුමැතිය හිමි වී ඇත. තම එන්නත සියයට 79ක සාර්ථකත්වයක් ඇති බව සමාගම පවසන අතර බීබීසී පවසන්නේ එය සනාථ කිරීමට සමාගම ප්‍රමාණවත් තරම් සාධක ඉදිරිපත් කර නොමැති බවයි. පරීක්ෂණවල අවසාන මට්ටමේ පවතින චීන කොරෝනා එන්නත් රැසක්ම හදිසි බලපත්‍ර යටතේ භාවිතයට ගෙන ඇතැයි එම වාර්තා වැඩිදුරටත් පවසයි. 2019 වසරේ චීනයේ වුහාන්වලින් ආරම්භ වී ලොවපුරා ව්‍යාප්ත වූ මේ වයිරසය තම රටේ ප්‍රචාරය වීම සීමා කර ගැනීමට එරට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here