නව වසරේ සුභ ආරංචියක් – දුඹුරු සීනි ආනයනය නවතමින් දේශීයව සැපයීමට සුදානම්!

0
56

නව වසරේ සිට දුඹුරු සීනි ශ‍්‍රී ලංකාවට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමන බවත්, අවශ්‍ය සීනි ප‍්‍රමාණය රට තුළ නිෂ්පාදනය කිරීමට කටයුතු කරන බවත් උක්, බඩඉරි`ගු, කජු, ගම්මිරිස්, කුරු`දු, කරාබුනැටි, බුලත් ඇතුළු වැවිලි භෝග වගා සංවර්ධනය ආශ‍්‍රිත කර්මාන්ත සහ අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (31දා) එම අමාත්‍යාංශයේදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකට එක් වෙමිනි.

ශ‍්‍රී ලංකාවේ වාර්ෂික සීනි අවශ්‍යතාවෙන් 90% ක් ආනයනය කරන බවද, ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ මෙයින් හැකි උපරිමය රට තුළ නිෂ්පාදනය කිරීමේ කටයුතු දැන් සැලසුම් කර ඇති බවද ඇමැතිවරයා මෙහිදී පැවසීය.

මේ අනුව දුඹුරු සීනි නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම රට තුළින් සපුරාගැනීමට කටයුතු කරන බවත්, උදා වූ 2021 වසර තුළ දුඹුරු සීනි ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දමන බවත් ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

‘‘වසා දමා ඇති කන්තලේ සීනි කර්මාන්තායතනය වෙනුවට නව කර්මාන්ත ශාලාවක් ඉදිකරනවා. මේ සඳහා උක් වගා අක්කර 21000 ක් ඇති කරන අතර සෙවනගල කර්මාන්ත ශාලාවේ ධාරිතාව වැඩි කිරීමට මිලියන 400ක් වැය කරනවා. 2020 ජනවාරියේ සිට එතනෝල් ආනයනය නවත්වා දේශීයව එතනෝල් නිපදවීමෙන් රුපියල් මිලියන 1800 ක ආදායමක් සීනි සංස්ථාව ලබාගෙන තිබෙනවා’’ යැයිද ඇමැතිවරයා මෙහිදී කියා සිටියේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් රෝහණ අබේරත්න, අතිරේක ලේකම් තිලකා ජයසුන්දර, අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඒ. පී. හීන්කෙන්ද සහ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන* රන්සිළු වටවල යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here