නැඟෙනහිර සිරියාවේ බස් රියකට එල්ල කළ ප්‍රහාරයකින් 28ක් මරුට

0
10

නැඟෙනහිර සිරියාවේ බස් රථයක් වටකර එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 28ක් ජීවිතක්ෂයට පත් වී තිබේ. වාර්තා වන පරිදි මේ අය සොල්දාදුවෝ වෙති. සිරියානු රජයේ මාධ්‍ය ප්‍රකාශ කරන්නේ ඩෙයිර් අල්-සොවුර් ප්‍රාන්තයේ මේ ප්‍රහාරය එල්ල වී ඇති අතර මියගිය පිරිස සිවිල් වැසියෝ වන බවයි.

ප්‍රහාරයේ වගකීම කිසිවකු භාරගෙන නොමැත. එක්සත් රාජධානියේ සිට ක්‍රියාත්මක වන සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ ආයතනය පවසන පරිදි මේ ප්‍රහාරය සිදුකර ඇත්තේ ඉස්ලාම් රාජ්‍ය ජිහාඩ් සංවිධානයයි. මේ ප්‍රහාරයෙන් සොල්දාදුවන් 37ක් මියගොස් ඇතැයි ද ඔවුහු වැඩිදුරටත් කියති.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here