නෝර්වේ රාජ්‍යයේ ඇති වූ නායයාමකින් නිවාස රැසක් මඩට යටවී ගොස් ඇති අතර 10 ක් තුවාල ලබා එක් අයෙකුට බරපතළ තුවාල සිදු වී 11 දෙනෙක් අතුරුදන් වී ඇති බව වාර්තා වේ. එරට ඔස්ලෝ අගනුවරට කිලෝ මීටර් 25ක් ඊසාන දිගට වන්නට පිහිටා ඇති ග්ජෙඩ්රම් නම් ගම්මානයක් මෙසේ විපතට පත් වී ඇති අතර අතුරුදන්වූවන් අතර කුඩා දරුවන් ද සිටින බව වාර්තා වේ. මේ වන විට 900කට වැඩි පිරිසක් ගම්මානයේ සිට ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගොස් තිබේ.
මඩ සහ සුන්බුන් අතර සිර වී සිටීම නිසා බොහෝ දෙනා බියට පත් වී සිටින බව පොලිසිය පවසයි. එහෙත් අතුරුදන් වී සිටින 11දෙනාම මේ ස්ථානයේ සිටීදැයි තමන්ට නිශ්චිතව කීමට නොහැකි බව පොලිස් ප්‍රකාශක රොජර් පීටර්සෙන් වාර්තාකරුවන්ට කියා ඇත. සිද්ධිය වූ ස්ථානයේ තවමත් අනතුරුදායක තත්ත්වයක් ඇති අතර මුදාගැනීම් කළ හැක්කේ හෙලිකොප්ටර මගින් පමණක් යැයි අගමැති අර්නා සෝල්බර්ග් කීය. ඉකුත් බදාදා ඔවුන්ගේ නිවාස නායයාමට හසුවීමට පෙර ඉදිරියට ඇදී යාමට පටන්ගත් බව නිවැසියෝ කියති.