
දඹුල්ල නගර සභාවේ මන්ත්රීවරයෙකු ඉබ්බන්කටුව ප්රදේශයෙන් නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී දේපළවලට හානි කළේ යැයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල බව පොලිසිය කියයි. .
ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දඹුල්ල නගර සභාවේ මන්ත්රීවරයෙකු මෙසේ අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
කලක් තිස්සේ පවතින ආරවුලක් මත අදාළ මන්ත්රීවරයා රාත්රී කාලයේ එම නිවසට ඇතුළු වී එහි තිබූ කැමරා පද්ධති කඩා දමා වාහනවලට පහරදී අලාභහානි සිදු කර ඇතැයි පොලිසියට පැමිණිල්ලකර ඇත.
The post පොහොට්ටු මන්ත්රී අත්අඩංගුවට. appeared first on Lanka News Column.