මලල ක්‍රීඩා සුපිරි සංචිතයෙන් තරු හැලෙද්දී නවකයන් රැසකට අලුත් බලාපොරොත්තු

0
27

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පසුගියදා (29) නිමාවට පත් වූ 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ ප්‍රතිඵල අනුව මලල ක්‍රීඩා සුපිරි සංචිතය හා ජාතික සංචිතය නම් කරයි. කලින් සුපිරි සංචිතයේ සිටි ජාතික ශූර ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනකු ඉවතට යද්දී එම අවස්ථා අත් කර ගැනීමට නවකයෝ සමත්ව සිටිති. මෙවර සුපිරි මලල ක්‍රීඩා සංචිතයට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 21ක් ඇතුළත්ව සිටින අතර, එය පෙර පැවැති සංඛ්‍යාවට වඩා වැඩි ගණනකි.

මීටර් 800 ඉසවුවේ ආසියානු කලාපයේ පළමු ක්‍රීඩිකාවන් සිවුදෙනා අතරට පැමිණි 21 හැවිරිදි දිල්ෂි කුමාරසිංහ මෙවර සුපිරි සංචිතයේ අවස්ථා හිමිකරගෙන ඇති අතර, එම ඉසවුව නියෝජනය කරන නිමාලී ලියනාරච්චි හා ගයන්තිකා අබේරත්නට ද අවස්ථාව හිමිව තිබේ. එමෙන්ම කෙටි දුර ධාවන ශූර කාලිංග කුමාරගේ, අමාෂා ද සිල්වා සහ බාධක දිවීමේ ශූරී නිලනි රත්නායක සුපිරි සංචිතයට අලුතින් සුදුසුකම් හිමිකර ගත්හ.

මේ වසරේ ජර්මනියේ පැවැති තරගයකදී මීටර් 100 ශ්‍රී ලංකා වාර්තාව හා දකුණු ආසියා මීටර් 100 වාර්තාව බිඳ දැමූ යුපුන් අබේකෝන් සහ අමෙරිකාවේ සිටින මැරතන් ක්‍රීඩිකා හිරුනි විජයරත්න ද සුපිරි සංචිතයට සංචිතයට ඇතුළත් කර තිබේ. මෙයට අමතරව, මීටර 100 පිරිමි හා කාන්තා, මීටර් 400 පිරිමි සහාය දිවීමේ කණ්ඩායම්වලට ඉහළම දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පස්දෙනා බැගින් ඇතුළත් කර ඇත්තේ සහාය දිවීමේ ආසියානු පදක්කම් ඉලක්ක කර ගනිමිනි. ඔවුන් ආසියානු මට්ටමේ පදක්කම් දිනාගත හැකි ආසන්න ස්ථානවල සිටීම විශේෂත්වයකි. මීටර් 400 කාන්තා ඉසවුවේ ඉදිරියට පැමිණි නදීෂා රාමනායක ද මලල ක්‍රීඩා සුපිරි සංචිතයේ ඉඩක් වෙන් කර ගැනීමට සමත් වූවාය.

සුපිරි හා ජාතික සංචිත දෙකෙන්ම හෙල්ල විසි කිරීමේ දකුණු ආසියා රන් පදක්කම් දිනාගත් දිල්හානි ලේකම්ගේ ඉවත් කොට ඇති අතර, තුම්පිම්ම ඉසවුවේ ජාතික ශූර අමිල ජයසිරිට ද අවස්ථාවක් නැත.

ලබන මැයි මාසයේ චීනයේ හැංග්ෂූහී පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ඉලක්ක කොට මේ සංචිත පවත්වාගෙන යන අතර, එම සංචිතවලට ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව ඇත.

 

සුපිරි සංචිතය

පිරිමි – යුපුන් අබේකොන් (මී. 100, මී. 100 සහාය), හිමාෂ ඒෂාන් (මී. 100 සහාය), චනුක සන්දීප (මී. 100 සහාය), විනෝජ් සුරන්ජය සිල්වා (මී. 100 සහාය), චමෝද් යෝධසිංහ (මී. 100 සහාය), කාලිංග කුමාරගේ (මී. 400, මී. 400 සහාය), ආර්.එම්.ආර්.එන්. රාජකරුණා (මී. 400 සහාය), එස්. අරුණ දර්ශන (මීට. 400 සහාය), ආර්.පී. ඉසුරු ලක්ෂන් (මී. 400 සහාය), පසිඳු කොඩිකාර (මී. 400 සහාය),

කාන්තා – අමාෂා ද සිල්වා (මී. 100, මී. 100 සහාය), දිල්ෂි කුමාරසිංහ (මී. 800, මිශ්‍ර සහාය), නිමාලි ලියනාරච්චි (මී. 800), ගයන්තිකා අබේරත්න (මී. 800, මී. 1500), නිලනි රත්නායක (මී. 1500), සාරංගි ද සිල්වා (දුර පැනීම, මී. 100 සහාය), හිරුනි විජේරත්න (මැරතන්), රුමේෂිකා රත්නායක (මී. 100 සහාය), ලක්ෂිකා සුගන්දි (මී. 100 සහාය), එෆ්. සෆියා යාමික් (මී. 100 සහාය), නදීෂා රාමනායක (මී. 800, මිශ්‍ර සහාය)

 

ජාතික සංචිතය

පිරිමි – ඒ.එස්.එම්. සෆ්රාන් (මී. 200, මී. 100 සහාය), රුසිරු චතුරංග ( මී. 800), ඩබ්ලිව්.ඒ.ඩී. කුමාර (මී. 800), ඩබ්ලිව්. සමන් කුමර ප්‍රනාන්දු (මී. 1500), ආර්.ඒ.ඩී. හේමන්ත කුමාර (මී. 1500), ඒ.කේ. තරංග (මී. 10000), එච්.එම්.අයි.බී. හෙරත් (මී. 3000 බාධක), ශ්‍රීෂාන් ධනංජය (දුර පැනීම, තුම්පිම්ම), කේ.කේ.එම්.කේ. කරුණාසේකර (දුර පැනීම), සංජය ජයසිංහ (තුම්පිම්ම), සුමේධ රණසිංහ (හෙල්ල විසි කිරීම), අජිත් කුමාර කරුණාතිලක (දශ ප්‍රයාම), ජී. එස්. ඩී. ගුණරත්න (මී. 400 සහාය),

කාන්තා – ඉරේෂානි රාජසිංහ (මී. 100 කඩුලු පැනීම), සචිනි කෞශල්‍යා පෙරේරා (රිටි පැනීම), අංජානි පුල්වන්ස (දුර පැනීම), හෂිනි පබෝධා බාලසූරිය (තුම්පිම්ම), නදීකා ලක්මාලි (හෙල්ල විසි කිරීම), ඩබ්ලිව්.එස්.එච්. ප්‍රනාන්දු (මී. 100 සහාය)

 

 

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here