මහනුවර මලල ක්‍රීඩා ලොකු පුටුව ඇමැති දිලුම්ට

0
16

මහනුවර දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමයේ නව සභාපතිවරයා ලෙස ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පත්ව තිබේ.

මහනුවර දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා ගැනීම පෙරේදා (31) මහනුවර රෝයල් මෝල් හෝටලයේදී සිදු විය.

එහිදී සංගමයේ උප සභාපති ධුරයට රුවන් තිලකරත්න මහතා තේරී පත්වූ අතර, ලේකම් ධුරයට සනත් වීරවර්ධන හා භාණ්ඩාගාරික ධුරයට සනත් ගුණතිලක යන මහත්වරුන් තේරී පත් වූහ. නව සභාපතිවරයා ලෙස පත් වූ දිලුම් අමුණුගම මහතා පැවැසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ මලල ක්‍රීඩාව නඟා සිටුවීම සඳහා ඉදිරි වසරේදී කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ලෙස සැලසුම් රැසක් ක්‍රියාත්මක කරන බවයි.

වලල ඒ. රත්නායක ක්‍රීඩා පාසල සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදීම, දක්ෂතා සපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සහ බෝගම්බර ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීමට මූලිකත්වය දෙන බවද ඒ මහතා කීය. ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩි දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය පුහුණුව, පෝෂණ දීමනා හා පාසල් දීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද හෙතෙම පැවසුවේය.

 

අසේල කුරුළුවංශ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here