මාතරට SLT – මොබිටෙල් ප්‍රාදේශීය කාර්යාලයක්

0
7
2 ජනවාරි, 2021

ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) එහි ජංගම දුරකතන සේවා පිළිබඳ සහෝදර ආයතනය මොබිටෙල් සමග එක්ව flagship store සංකල්පයට අනුව නිර්මාණය කෙරෙන දීප ව්‍යාප්ත Teleshop ශාඛා ජාලයේ දෙවන ප්‍රාදේශීය ශාඛාව මාතර නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

මෙම නවතම ශාඛාව තුළින් දුරකතන සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකතන සේවා, සුපිරි අධිවේගී අන්තර්ජාල සබඳතා, නවීන තාක්ෂණයෙන් නිවාස බලගන්වන Smart home solutions, ස්වයංක්‍රීය බිල්පත් ගෙවීමේ සේවාව, ගෘහස්ත විනෝදාස්වාද සේවා, අති නවීන දුරකතන හා සන්නිවේදන තාක්ෂණික උපාංග අලෙවිය යනාදී SLT හා මොබිටෙල් සේවා රැසක් එකම වහලක් යටදී මාතර නගරවාසීන්ට දැන් ලබාගත හැකිය. සුහදශීලී කාර්යමණ්ඩලයක් සමග පාරිභෝගික කේන්ද්‍රීය කඩිනම් සේවාවක් මෙහිදී ක්‍රියාත්මක වන අතර පාරිභෝගික ඉල්ලුම අනුව ඔවුන්ගේ නිවසටම භාණ්ඩ හා සේවා සීඝ්‍රගාමී බෙදාහැරීමේ සේවාවක්ද ක්‍රියාත්මකයි. මෙය දකුණු පළාතේ පිහිටුවන ලද ප්‍රථම SLT flagship store ශාඛාවයි. SLT මොබිටෙල් මාතර flagship store විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු, සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා, මොබිටෙල්හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත ෆර්නැන්ඩ්ස් යන අය ඇතුළු SLT හා මොබිටෙල් ආයතන නියෝජනය කරමින් නිලධාරීන් රැසක් මෙන්ම ගනුදෙනුකරුවන් ද එක්වූහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here