මැලිබන් Brand Excellence සම්මානයෙන් පිදුම් ලබයි

0
19
2 ජනවාරි, 2021

මැලිබන්, පසුගියදා පැවති 2020 Sri Lanka Best Brand සම්මාන උළෙලේදී FMCG කාණ්ඩයේ ය‍ටතේ සන්නාම විශිෂ්ටත්ව (Brand Excellence) සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය.

අතථ්‍ය (Virtual) ක්‍රමයට 2020 නොවැම්බර් 24 වන දින පවත්වන ලද මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ, ගෝලීය විධායක ජාලයක් ලෙස සැලකෙන CMO Asia විසිනි.

2020 වසරේදී සමාගම් හා ආයතන විසින් පෙන්නුම් කරන ලද අරමුණු, නවෝත්පාදනය, නිර්මාණශීලීත්වය, ක්‍රමෝපාය සහ පැහැදිලි ලෙස ළඟා කරගන්නා ලද ප්‍රතිඵල වැනි සාධක සැලකිල්ලට ගනිමින් සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තෝරාගන්නා ලදි. ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවමින්, රටේ වඩාත්ම ගෞරවය දිනූ බිස්කට් සන්නාමය බවට පත්වීම සඳහා තමන් දරන උත්සාහයන් සහ ඒවායෙහි ප්‍රතිඵල ප්‍රදර්ශනය කිරීමට මෙමගින් මැලිබන් සමාගමට අගනා අවස්ථාවක් උදා විය.

වසර 70 කට අධික වර්ණවත් ඉතිහාසයක් හිමි මැලිබන් සමාගම දශක ගණනාවක් තිස්සේ මෙරට පාරිභෝගික පරම්පරා කිහිපයකම හදවත් දිනාගැනීමට සමත් වී ඇත.

ආසියා පැසිෆික් තත්ත්ව ආයතනය (APQO) මගින් සංවිධානය කරනු ලබන ‘Global Performance Excellence’ සම්මාන උළෙලේදී තුන් වතාවක්ම ‘World Class’ සම්මාන දිනාගත් එකම ආහාර නිෂ්පාදන සමාගම ද මැලිබන් සමාගමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here